දකුණේ භික්ෂූන් ආණ්ඩුවට එරෙහිව එකතුවෙයි !

Date:

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකළ ප්‍රකාශයත් සමග අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කිරීම සඳහා දකුණු පළාතේ දිස්ත්‍රික්කයක බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකමුතු වෙමින් සිටින බව වාර්තා වේ.

භෞතිකවාදී, නිරාගමික පසුබිමකින් හෙබි වත්මන් ආණ්ඩු පක්ෂය මේ වනවිට කටයුතු කරන ආගම් විරෝධී ස්වරූපයට එරෙහිව විරෝධය පළ කළයුතුය යන ස්ථාවරයෙන් යුතුව භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් එකඟතාවන්ට පැමිණ ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

අප රටේ බෞද්ධ සංස්කෘතිය සමග සතර මහා දේවාල ඇතුළු අනෙකුත් දේවාල ද ඓතිහාසිකවම එකට බැඳී පවතින අතර එකී දේවාල සහ දෙවිවරුන් හෑල්ලුවට ලක්කරන ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරයත් දරණ කැබිනට් ඇමතිවරයා විසින්ම ප්‍රසිද්ධ සභාවකදී සියලු ජන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම නොසලකා හැරිය නොහැකි තත්වයක් බවයි එම භික්ෂූන් වහන්සේලාගේ අදහස වී ඇත්තේ.

ඒ අනුව, ඇමති නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයත් ඊට පෙර සිදුවීම් කිහිපයකුත් එක පෙළට ගෙන සලකා, භෞතිකවාදීන් බව කියන වත්මන් ආණ්ඩුවේ ආගම් විරෝධී ස්වරූපයට එරෙහිව සංවිධානය යුතු බවට උන් වහන්සේලා තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...