ආගම අබිංද ?

Date:

මුලදි අබිං භාවිතා උනේ යුද්ධවලදි අතපය ගැලවුනු එසේත් නැත්නම් බරපතළ තුවාල සිදුවූ සොල්දාදුවන් බාවිතා කරන එකම වේදනා නාශක ඔසුව ලෙසයි.. මෙහිදී මත්ද්‍රව්‍යය යනු එහි වැරදි භාවිතාවකි..

මාක්ස් ආගම අබිං යනුවෙන් පවසන්නේද මිනිස් චිත්ත සන්තානයේ ඇතිවෙන උත්තර නැති දුක්ඛ දෝමනස්සයන්ට භාවිතා කෙරෙන එකම මානසික සහනය ලෙස ගනිමිනි..

මාක්ස්ට අනුව ආගම යනු කුරිරු ලෝකයේ කාරුණික හදවත වේ.. තවදුරටත් එය හදවතක් නැති ලෝකයේ හදවත යනුවෙන්ද ඔහු හඳුන්වයි…

අප නොදන්නා අනාදිමත් කාලයක සිටම මානව වර්ගයාගෙ සිත් හී දරාගත නොහැකි සෝකයක් වේදනාවක් සන්තාපයක් හටගත් විට ඔවුන් අඬා වැලපී අවසානයේ දෙවියන්ට දුක කියා සහනයක් ලබුවෝය..

සමාජය තුල මහත් වෙහෙසක් දරා මළගිය උන් වෙනුවෙන් කෙරෙන දානමානදිය දීම සිදුකෙරෙන්නේද ජීවත්වන්නවුන්ගේ සිත් හී මියගිය සමීපතමයා වෙනුවෙන් නැගෙන සහකම්පනය, සන්තාපය තුනීකරගැනීමට රළු භෞතිකවාදය තුල ඔවුන්ට පිළිසරණක් නැති නිසාය…

ආගම් විරෝධී පන්සල්, පල්ලි, දේවාල, කෝවිල් ඩෝසර්කර දමන ආගම් විරෝධී ත්‍රස්තවාදී ආගම් විරෝධය ස්ටාලින්වාදී මත්ද්‍රව්‍යයකි.. එය කිසිලෙසකින්වත් සානුකම්පිත මාක්ස්වාදය නොවේ..

ආසියාව තුල දර්ශනවාදයන් දෙකක් ලෙස වාර්ගීකරනය වී තිබුනද බටහිර බොහෝ දාර්ශනිකයන්ට අනුව නාසිවාදය සහ ස්ටාලින්වාදය යනු අන්තර්ගතයෙන් දෙකම එකකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...