ආගම අබිංද ?

Date:

මුලදි අබිං භාවිතා උනේ යුද්ධවලදි අතපය ගැලවුනු එසේත් නැත්නම් බරපතළ තුවාල සිදුවූ සොල්දාදුවන් බාවිතා කරන එකම වේදනා නාශක ඔසුව ලෙසයි.. මෙහිදී මත්ද්‍රව්‍යය යනු එහි වැරදි භාවිතාවකි..

මාක්ස් ආගම අබිං යනුවෙන් පවසන්නේද මිනිස් චිත්ත සන්තානයේ ඇතිවෙන උත්තර නැති දුක්ඛ දෝමනස්සයන්ට භාවිතා කෙරෙන එකම මානසික සහනය ලෙස ගනිමිනි..

මාක්ස්ට අනුව ආගම යනු කුරිරු ලෝකයේ කාරුණික හදවත වේ.. තවදුරටත් එය හදවතක් නැති ලෝකයේ හදවත යනුවෙන්ද ඔහු හඳුන්වයි…

අප නොදන්නා අනාදිමත් කාලයක සිටම මානව වර්ගයාගෙ සිත් හී දරාගත නොහැකි සෝකයක් වේදනාවක් සන්තාපයක් හටගත් විට ඔවුන් අඬා වැලපී අවසානයේ දෙවියන්ට දුක කියා සහනයක් ලබුවෝය..

සමාජය තුල මහත් වෙහෙසක් දරා මළගිය උන් වෙනුවෙන් කෙරෙන දානමානදිය දීම සිදුකෙරෙන්නේද ජීවත්වන්නවුන්ගේ සිත් හී මියගිය සමීපතමයා වෙනුවෙන් නැගෙන සහකම්පනය, සන්තාපය තුනීකරගැනීමට රළු භෞතිකවාදය තුල ඔවුන්ට පිළිසරණක් නැති නිසාය…

ආගම් විරෝධී පන්සල්, පල්ලි, දේවාල, කෝවිල් ඩෝසර්කර දමන ආගම් විරෝධී ත්‍රස්තවාදී ආගම් විරෝධය ස්ටාලින්වාදී මත්ද්‍රව්‍යයකි.. එය කිසිලෙසකින්වත් සානුකම්පිත මාක්ස්වාදය නොවේ..

ආසියාව තුල දර්ශනවාදයන් දෙකක් ලෙස වාර්ගීකරනය වී තිබුනද බටහිර බොහෝ දාර්ශනිකයන්ට අනුව නාසිවාදය සහ ස්ටාලින්වාදය යනු අන්තර්ගතයෙන් දෙකම එකකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...