*
Wednesday, January 8, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලයන්ස් එක ජයකින් බොහෝ දේ පරාජය කරයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 05 ,(LNW)කොළඹ :

රගර් ලීග් තරගාවලියේ කෝඩුකාරයින් වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සිය පළමු පෙළ තරග සහභාගීත්වයේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.ඒ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලකුණු 24 – 21 ලෙස පරාජයට පත් කරමින්.


මේ තරගයේදී මේ තරගාවලියේ ඒ කාණ්ඩයේ කෝඩුකාරයින් ලෙස ශ්‍රී ලයන්ස් මුල් තරගවලදී තරගයේ දෙවන භාගයේදී වඩාත් දුර්වල වෙන ආකාරයක් දකින්නටත් තිබුණත්,මේ තරගයේදී එය කණපිට හරවා ගෙන තිබුණා.පළමු අර්ධය ලකුණු 10 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලයන්ස් දෙවන අර්ධයේදී තවත් ලකුණු 15 ක් ලබා ගන්නේ සීඑච් කණ්ඩායමට ලකුණු 14 ක් පමණක් ලබා ගැනීමට ඉඩ සළස්වමින්.


සමස්ත තරගයේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය උත්සාහක දිණුම් තුනක් වාර්තා කරනවා.චානක චන්දිමාල්,කවීශ ඉඳුරංග සහ මොහොමඩ් නිශ්රාන් එම උත්සාහක දිණුම් තුනේ හිමිකාරීත්වය දරනවා.ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක ලෙස අවසන් කරමින් සහ නිදහස් පහරක ඉලක්කය සාර්ථක කර දෙමින් කෙවින් ඩික්සන් ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීමට දායක වෙනවා.


අංජුල හෙට්ටිආරච්චි,චමත් කොඩිකාරගේ සහ නිසල් චමුදිත සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක් වාර්තා කරද්දී එම අවස්ථා තුනේදීම නිවැරදි ඉලක්කය ලබා ගනිමින් සාර්ථක ප්‍රවර්ථන තුනකට දායකත්වය ලබා දෙන්නට ජනිත් චන්දිමාල්ට හැකි වෙනවා.


අනේක විධ විරෝධතා මැද පළමු පෙළ තරගාවලියට ශ්‍රී ලයන්ස් උසස්වීම වෙනුවෙන් නොව ඔවුන් උසස් කළ යුතුය යන මතයේ අප පළමු මොහොතේ සිටම පෙනී සිටියා.නම් දැරූ චලන රූප මාධ්‍ය වෙත බොහෝ විට ක්‍රීඩාවේ ඇති වන ආකර්ශනය මත ක්‍රීඩාව,ක්‍රීඩකයා,ක්‍රීඩා පරිපාලකයා සහ ක්‍රීඩා සමාජ යොමු වන්නට ලොබ බඳින වටපිටාවක,මතයක් සහ සැළසුමක් ලෙස ශ්‍රී ලයන්ස් පළමු පෙළට රැඟෙන ආ යුතුය යන අදහස තර්කයක් ලෙස ගොඩ නඟන්නට මුල් වීමේ ආස්වාදය සමහර විට මේ තත්ත්වයන් ශ්‍රී ලයන්ස් නොදන්නා විය හැකි වුව ද අපට මතක තිබෙනවා.


එය නිශ්චිත ජාතික පරිපාලන රටාවක පැමිණිය යුතු ගමණක් බවත්,කුමන හෝ ගැටවවක් සියලු ක්‍රීඩා සමාජ එම ක්‍රීඩාවේ පරිපාලනය විසින් එහි ව්‍යවස්තාවට අනුව දෙනු ලබන තීරණවලින් පමණක් විසඳිය යුතු බවත් රගර් සම්බන්ධයෙන් පවතින සියලු ගැටළු සම්බන්ධයෙන් අපේ මතය වුණා.එසේම දෙවන පෙළ රගර් කණ්ඩායමක් පළමු පෙළට,පළමු පෙළ කණ්ඩායමක් දෙවන පෙළටත් යන ආකාරයට,පළමු පෙළ කණ්ඩායම් අටක සටනක් ලෙස පවත්වා ගෙන යා යුතු බවත්,එහී දී පළමු පෙළ අහිමි වීම වළක්වා ගන්නට එම කණ්ඩායම් ද,දෙවන පෙළ තත්ත්වය පළමු පෙළට උසස් කර ගැනීම සඳහා දෙවන පෙළ කණ්ඩායම් ද වඩාත් හොඳින් ක්‍රීඩා කරනු ඇති බව ද අප පෙන්වා දුන්නා.ඒ අනුව පළමු පෙළ සහ දෙවන පෙළ තරගාවලි දෙකේම ක්‍රීඩාවේ ශක්තිමත් භාවය සහ ගුණාත්මක භාවය උසස් වෙන බවත් අප අදහසක් හැටියට ඉදිරිපත් කළා.


එහෙත් සුළු ගැටළුවකට ඇත්තේ දෙවන පෙළ සඳහා පිට පළාත්වලින් කණ්ඩායම් නොපැමිණෙන තරමට තත්ත්වය පහත බැස ඇති බවත්,ඊට ප්‍රධාන වශයෙන් ක්‍රීඩා සංවර්ධනය සඳහා එන ජාත්‍යන්තර මුදල් ජාත්‍යන්තරය විසින්ම දඩ මුදල් ලෙස නැවත කපා ගන්නා නිසා එම ආධාර නැති වී ඇති බවත් තවමත් කිසිවෙකු නොසිතීමයි.ඒ නොසීතීම නොසළකා හරින නිසා රට අපකීර්තියට පත් කළ පිරිස් මේ වන විට ශ්‍රී ලංකාව පසු කර ජාත්‍යන්තරයටත් ගොස් තවමත් ශ්‍රී ලංකාවට වින කටිමින් සිටිනවා.


ශ්‍රී ලයන්ස් උඩුගං බලා පිහිනා පළමු පෙළට එන්නේ ඉහත සියලු අදහස්,බලාපොරොත්තු සහ ආකල්ප ඔස්සේ හැප්පෙමින්,එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආචාර්ය කැළුම් සුජිත් ආර්ථිකමය වශයෙන් දෙන ශක්තිය නිසය.මේ ශක්තිය මඟ පෙන්වීම සමඟ පැමිණිය ද ඔවුන්ට පළමු පෙළ ආධුනික මානසිකත්වය බිඳ දමා ගන්නට සිය තෙවන තරගය තෙක්ම කල් මරන්නට වුණා.අතිශයින් ආධුනික වු බහුතරයක් නැතත්,ක්‍රීඩා සමාජයක් ලෙස අලුතින් රෙඳ බැදීමේ කාර්යයේ අලුත්කම අලුත් ගණු දෙනු නිසා රිද්මය වෙත සපැමිණීම මදක් ප්‍රමාදව තිබුණා.


මහා විප්ලවයක් කරන්නට ශ්‍රී ලයන්ස්ට තරගාවලිය තුළ ඉඩ නොලැබිය හැකි නමුත්,වැදගත් වන්නේ ඔවුන් ඒ කාණ්ඩයේ කණ්ඩායමක් පරාජය කිරීමට හැකි මට්ටමක සිටියදී බී කාණ්ඩයේම රැඳවීමට ගත් උත්සාහය වැරදි බව පෙන්වීමට මේ ජයග්‍රහණය විසින් ලබා දෙන නිදසුනයි.ඒ තත්ත්වය වඩාත් නීත්‍යානුකූලව කිරීමට අවශ්‍යය පරිසරය සකස් නොකර,තමන්ට ලැබුණු සීමිත අවස්ථාවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට උත්සාහ ගත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇති කළ තත්ත්වයද මේ සඳහා බලපානු ලැබුවා.එහෙත් ඔහු විසින් ශ්‍රී ලයන්ස් වෙත අවස්ථාව ලබා දීමට ගත් මැදිහත්වීම නිවැරදි බව දැක ගන්නට ලැබීම ඔහුටත් ගනු ලැබූ වැරදි තීරණ අතරේ එක් නිවැරදි තීරණයක් හෝ දකින්නට ලැබීමක් ලෙස සතුට කැඳවීමක් වනු ඇත.


දෙවන පෙළ සහ පලමු පෙළ අතර තරගකාරී තත්ත්වයක් පවතින ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රගර් සංස්කෘතිය දියුණු කිරීම.ආර්ථික වශයෙන් ශක්තිමත් හිමිකරුවන්,වානිජ ආයතන බි කාණ්ඩයටද එකතු වීම.පළාත් සංගම්වල ඡන්ද බලය අහිමි කිරීම නොව වඩා වැදගත් රගර් සංවර්ධනය සඳහා මෙරටට ලැබුණු මුදල් හිටපු නිලධාරීන් විසින් තමන්ගේ වැරදිවලට දඩ ලෙස අය කර ගන්නට ජාත්‍යන්තරයට දැණුම් දීම බව සනාත වීම වැනි විශාල කරුණු ගණනක් ඒත්තු ගැන් වූ ජයග්‍රහණයක් හැටියට ශ්‍රී ලයන්ස් ජයග්‍රහණය හැඳින්විය හැකියි.


නිවැරදි සහ වැරදි දේ මොනවාද යන්නත්,වැරදිවලට පරණ කියා දඬුවම් නොදීමෙන්,ජාත්‍යන්තර වශයෙන් තවමත් ඔවුන් ලංකාවේ රගර්වලට කරන හානිය නැවත්වීමට ශ්‍රී ලංකා රගර් තීරණය කළ යුතු ද නැද්ද යන්න සිතිය යුතු බවත්, රගර් පරිපාලනයන් විසින්ම ප්‍රතික්ෂේප කර දැමූ මිනිසුන් නීත්‍යානුකූල රගර් ක්‍රියාවලිවලට බාධා ඇති කරන සහ දේශපාලන බලධාරීත්වයේ ආශිර්වාදය ලැබෙන ක්‍රියාවලිය නිමා කළ යුතුය යන්නත් ශ්‍රී ලයන්ස් ජයග්‍රහණය යට සැඟවී තිබීම සියලු ආකාරයේ දේශීය ක්‍රීඩා බලවතුන් අවධානයට ගත යුතුයි.


වසර අරඹමින් ජනවාරි 3 දා පැවති තරග අතරෙන් සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම යුද හමුදාවට එරෙහිව පහසු ජයක් වාර්තා කරනු ලැබුවා.ලකුණු 38 – 10 ක් ලෙස වාර්තා වූ එම ජයග්‍රහණයත්,එදිනම පැවති නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 29 – 24 ක් ලෙස නාවික හමුදාව පරාජය කිරීමත් නිසා 2025 වසරේ පළමු ජයග්‍රහණයන් හී හිමිකරුවන් වෙන්නට සීආර් කණ්ඩායමට සහ ගුවන් හමුදා කණ්ඩායමට හැකි වුණා.
ඉකුත් වසරේ දී අඛණ්ඩව රැකගෙන ආ සූරතාවය අහිමි වූ මහනුවර කණ්ඩායම නැවත මේ වසරේ දී ගිලිහිණු කිරුළ රැක ගැනීමේ අභිලාෂයෙන් සටන්කාමී ප්‍රවේශයකින් තරග වැඳෙමින් සිටිය ද 2025 වසරට මුල පුරමින් පැවති පළමු තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙතින් ප්‍රබල අභියෝගයකට ලක් වෙනු දකින්නට ලැබුණා.තරගයේ මුල් අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 20 – 10 ක් ලෙස ඉදිරියෙත් සිටියත්,දෙවන අර්ධයෙදී සිය ආරක්ෂාව උපරිමයෙන් සාර්ථක කරගත් මහනුවර කණ්ඩායම තරගය නිමා වන විට ලකුණු පූවරුව 24 – 20 ක් කර ගනිමින් හැව්ලොක්ස් අභියෝගය නිෂ්පල කර දමා ජයග්‍රහණය අත් කර ගත්තා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan