අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

Date:

නායක හැතිකරේ වම වල්මත් කෙරුව
සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව
වීරියෙ සටන් පාඨය යළි අතදැරුව
සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

උතුරෙ දකුණෙ දස දහසින් බිලි ගත්තු
වියරු උමතු ඝාතක පාලක සත්තු
උතුර උතුර ගැලු රුහිරින් නා ගත්තු
තිසරු ගීත මුමුණනවයි බැතිමත්තු

විනිසුරු අණින් හැකිළෙන්නෙද හටන් බිම
අඳුරට එරෙහිවයි අරගල නැගෙන්නෙම
බිඳලනු පිණිසමයි බැරියර තැනෙන්නෙම
අගමැති මැදුරෙ පවුරෙකි කවි ලියන්නම

උතුරුකර කඳුළු සටනට ගෙනෙන් සකී
නැගෙනහිර නැඟෙන දුක් ගිනි ගෙනෙන් සකී
ගැඹුරු පෙමින් අත් පටලා ගනින් සකී
සකල හඬට හද සමබිම දියන් සකී

වීදියේ සටන් අරගල හුරුවන්ට
පීදෙනා හෙටක් සේරම දරුවන්ට
රෝස මල් නොදෙව් පාහර මරුවන්ට
ආදරේ දියව් වීදියෙ විරුවන්ට

-මංජුල වෙඩිවර්ධන
-2022.04.24

ඡායාරූපය :- තමල් මන්ජිත වීරසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...