පාස්පෝට් ඇනවුම පරණ පාරේම යවන්න මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු ?

Date:

විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීම නිසා මීට ටික කලකට පෙර බරපතළ පාස්පෝට් පෝලිමක් හැදිලා ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා. ඒ අවස්ථාවේදී කලින් සමාගමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ලබාගෙන ඒ පෝලිම අවසන් කරන්න අලුත් ආණ්ඩුව කටයුතු කළා.

මේ ප්‍රශ්නය මතුවුණේ පසුගිය රජය සමයේ කැඳවූ ඊ-පාස්පෝට් ටෙන්ඩරය සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්නයක් එක්ක. එහිදී සමාගමක් අධිකරණයට ගිහින් ලබාගත් වාරණ නියෝගයක් නිසා ඒ ටෙන්ඩර් කටයුතු හිරවෙලා තියෙනවා.

කොහොමවුණත් ඔය අතරේ නැවතත් පාස්පෝට් හිඟයක් ගැන කියමින් ජනතාව බියවද්දා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වෙලා තියෙන බව ආරංචිමාර්ග සඳහන් කරනවා. මේ හරහා ආයෙත් පාස්පෝට් පෝලිමක් කෘතීමව ඇති කරලා පරණ සමාගමටම තවත් පාස්පෝට් ඇනවුමක් ලබාදෙන තැනට ආණ්ඩුව තල්ලු කරන්නලු උත්සාහය යන්නේ.

මේක සිද්ධ වෙන්නේ පසුගිය ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව කිහිපයක මෙහෙයවීමෙන් ලු. විපක්ෂයේ තවත් සමහර පිරිසුත් දැන හෝ නොදැන මේ මෙහෙයුමේ කෑලි ඇදගෙන යනවා ලු. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ ගැන දිගටම අනාවරණය කරපු වෛද්‍ය චමල් සංජීවටත් හිටපු ගමන් පාස්පෝට් මතක් වෙන්නේ ඇයිද කියන එකත් ප්‍රශ්නයක් ලු.

බුද්ධි අංශ තමන්ට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු රජයට වාර්තා කරලා තියෙන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති බවත් තමයි ආරංචිමාර්ග වැඩිදුරටත් කියන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...