නව රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනපතිගෙන් උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර තිබෙන අතර,ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ,

කටාර්  රාජ්‍ය යේ තානාපති ලෙස පත් කර ඇත්තේ, ආර්.එස්.ඛාන් අසාඩ් මහතායි.

රුසියානු තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මිය පත් කර ඇති බව සඳහන් වේ.

කුවේට් තානාපති ලෙස එල්.පී. රත්නායක මහතා පත් කර ඇත.

ඊජිප්තු තානාපති ලෙස ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න මහතා පත්කර ඇති බවත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන් බව පැවසේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කල බව වාර්තා වේ.

තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...