ළඟම පාසල හොඳම පාසල වැඩේට අගමැති අත තියයි!

Date:

කොළඹ LNW:2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමාලෝචනය කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

බොහෝ පාසල්වල එම ව්‍යාපෘතිය අතරමඟ නැවතී ඇති නිසා සියලුම පාසල් සමාලෝචනය කරමින් රජයේ සැලස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර තුනක් ඇතුළත යා හැකි ප්‍රාථමික පාසලත් එවැනි පාසල් ගණනවක් එකතුකරමින් යා හැකි අංග සම්පූර්ණ ද්විතීයික පාසලක් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් පවතින බවයි අගමැතිවරිය සඳහන් කළේ.

මුල සිට එම ව්‍යාපෘතිය ආරම්භ නොකරන අතර අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති සහිත පාසල් තෝරාගෙන එය ඉදිරියට සංවර්ධන කිරීම බලාපොරොත්තුව වන බවද ඇය සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...