ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවේ අත හිත….

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 08 ,(LNW)කොළඹ :

ඉන්දියාව මේ මොහොතේ රාජ්‍යතාන්ත්‍රිකව සිය මිත්‍රශීලී දෙ‘අත් ශ්‍රී ලංකාව දෙසට දිගු කර සිටියි.ආර්ථික සහ සමාජීය වශයෙන් පියවර ගණනාවක් ඔස්සේ අවධානය යොමු කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන බැදීමක් සහිතව ක්‍රියාත්මක වන දෙ‘රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතිවන සබඳතාවය වැදගත්ය.වඩා වැදගත් ශ්‍රී ලංකාවටය.


විශේෂයෙන් මේ මොහොතේ 2036 ට ඔලිම්පික් ලබා ගැනීම සඳහා සැරසෙන ඉන්දියාවට ද ශ්‍රී ලංකාවේ අසල්වැසි මිත්‍රත්වය අතිශයින් වැදගත්ය.භෞතික කාරණාවලින් ඉදිරියෙන් සිටින ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශේෂඥ පුහුණු ඥාණය මෙන්ම විවිධ සම්පත් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිව සිටියදී,වත්මන් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ඇරඹීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය සූදානම් විය.එහෙත් සුගත්ගෙන් අනතුරුව එය ක්‍රියාවට නොනැඟිණ.ඒ අනුව ඉන්දියාව එම පහසුකම් වැඩි දියණු කර ගනිමින් පෙරට ආවේය.අද ඉන්දියාව ලෝකයේ දක්ෂ හෙල්ල වීසි කරන්නන්න බිහි කරන බිමක්ය.එවැනි විශේෂිත ඉසව්වකට මෙන්ම පොදුවේ තහනම් උත්තේජන පරීක්ෂණ ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළකට ඉන්දියාවේ සහයද ඉල්ලා සිටිය හැකිය.එය ක්‍රීඩාමය ආර්ථිකයටද වැදගත්ය.මේ වන විට ඉන්දියාව සමඟ නොහොඳ සිත් ඇති තවත් රටවල් ද එම පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව තෝරා ගතහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද අතිශයින් වැදගත්ය.


මේ ඉහත සටහන ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ පහත නිවේදනයට පූර්ව ප්‍රවේශයක් ලෙස ගත හැකිය.
ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ මාධය නිවේදනය
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත්, ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බවත්, ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...