වෛද්‍ය චමල් සංජීවගෙන් CID ට පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

වෘත්තීය ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට අද (8) පැමිණිලි බාර දුන් බව පැවසේ.

ඒ, ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ටෙන්ඩරය පිළිබඳව යළි විමර්ශන අරඹන ලෙස ඉල්ලමිනි.

අදාල සිද්ධීන් වාර්තා වී වසර ගණනාවක් ගත වී තිබුණත් නිසි පරිදි විමර්ශන සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති ඖෂධ නියාමන අධිකාරි දත්ත වංචාව සහ ඊට සම්බන්ධ අනුබදෙත සමාගමක් හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංකය පාලනය කරමින් යළි රට තුළ නිර්මාණය වෙමින් පවතින පාස්පෝට් හිඟයට මූලික වූ පාස්පෝට් ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉන් රජයට සිදුවී ඇති අලාභයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

රටේ ක්‍රියාත්මක වූ පැරැණි පාස්පෝට් ක්‍රමය වෙනුවට විද්‍යුත් පාස්පෝට් ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් අතර වූ ගැටලුවක් මත මේ දක්වා විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති අභියාචනා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද නිර්දේශ දී ඇති අතර දැනට මේ සම්බන්ධව අධිකරණමය කටයුත්තක් ද ආරම්භ වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...