‘ග්‍රීන්ලන්තය මට මිලදී ගැනීමට අවශ්‍යයි’ – ඩොනල්ඩ් ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති වශයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ කොටසක් බවට පත් කිරීමට තමාට අවශ්‍ය බවත් එය මිලදී ගැනීමට තමා සුදානම් බවත් ප්‍රකශ කර තිබේ.

1979 දී ස්වදේශීය පාලනය ලබා දුන් ඩෙන්මාර්ක රාජධානියේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය 57,000ක ජනගහනයක් වෙසෙන ලොව විශාලතම දුපතයි.

විශාල ඛනිජ සම්පත් ඇති ග්‍රීන්ලන්තය එක්සත් ජනපද හමුදාවට උපායමාර්ගිකව වැදගත් වන අතර එය වසර 600 කට වැඩි කාලයක් ඩෙන්මාර්කයේ කොටසකි.

යුරෝපයේ සිට උතුරු ඇමරිකාව දක්වා කෙටිම මාර්ගය ආක්ටික් දූපත හරහා දිවෙන බැවින් ග්‍රීන්ලන්තය එක්සත් ජනපද හමුදාවට සහ එහි බැලස්ටික් මිසයිල පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහා උපායමාර්ගික වැදගත්කමක් දරයි. එමෙන්ම මෙම දූපත චීන සහ රුසියානු නැව් ලුහුබැඳීමේ මිලිටරි ප්‍රයත්නයන් සඳහා තීරනාත්මක වේ.

ට්‍රම්ප්ගේ යෝජනාව සම්බන්ධයෙන් දිගුකාලීන එක්සත් ජනපද මිත්‍රයෙකු වන ඩෙන්මාර්කය, ග්‍රීන්ලන්තය විකිණීමට නැති බවත්, එය එහි වැසියන්ට අයිති බවත් පැහැදිලි කර ඇති අතර ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය, Mute Egede සඳහන් කර තිබිනේ ග්‍රීන්ලන්තය විකිණීම සඳහා නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...