වලාකුළු බැම්ම ඉක්මවයි ….

Date:

මිදී ගන වූ සිත
ලිහිල් කර යැවූ විට
නුවර වැව වුව
වලාකුළු බැම්ම ඉක්මවයි

හවස් වරු දිය කරපු
මහ තුරක් ලා ඉන්න
ඇහැළ මල් හත අටක්
සුළඟ විත්
හදිසියේ බිම හෙළයි

දෑස් ගිලගෙන ඉන්න
අපැහැදිලි අඳුර මැද
පහන් කණු දෙක තුනක්
සරදමට ඇස් අරියි

වැහි පියලි තෙත මකා
පොරි අහුරු විසික්කර
වැව බලෙන් හිනස්සන
නන් දෙසින් නන් වෙසින්
පැමිණි මහ සෙනඟ මැද
කඳු කුහර හුදෙකලා
සළු මාව වටලයි

~ නජිලා අධිකාරි
(අචිරවතියෙන් මිදුණු සිතිවිලි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...