වලාකුළු බැම්ම ඉක්මවයි ….

Date:

මිදී ගන වූ සිත
ලිහිල් කර යැවූ විට
නුවර වැව වුව
වලාකුළු බැම්ම ඉක්මවයි

හවස් වරු දිය කරපු
මහ තුරක් ලා ඉන්න
ඇහැළ මල් හත අටක්
සුළඟ විත්
හදිසියේ බිම හෙළයි

දෑස් ගිලගෙන ඉන්න
අපැහැදිලි අඳුර මැද
පහන් කණු දෙක තුනක්
සරදමට ඇස් අරියි

වැහි පියලි තෙත මකා
පොරි අහුරු විසික්කර
වැව බලෙන් හිනස්සන
නන් දෙසින් නන් වෙසින්
පැමිණි මහ සෙනඟ මැද
කඳු කුහර හුදෙකලා
සළු මාව වටලයි

~ නජිලා අධිකාරි
(අචිරවතියෙන් මිදුණු සිතිවිලි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...