ලැවිගින්නෙන් කල් ගිය ඔස්කාර්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ජනවාරි 17 සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඇකඩමි සම්මාන සඳහා තේරී පත් වූ තරු පිරිවර සහ චිත්‍රපට පිළිබඳ නවතම තතු ජනවාරි 19 වන දින හෙළි කරනු ඇතැයි පැවසේ.

10,000 කට ආසන්න සාමාජිකයින් සඳහා ජනවාරි 8 වන දින විවෘත කරන ලද ඡන්ද විමසීම ජනවාරි 14 අඟහරුවාදා දක්වා දින දෙකකින් දීර්ඝ කර ඇත.

ඔස්කාර් සම්මාන උලෙළේ හිටපු සත්කාරක බිලී ක්‍රිස්ටල් ද ගින්නෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් අතර සිටින අතර පැරිස් හිල්ටන්, ජේම්ස් වුඩ්ස් සහ මයිල්ස් ටෙලර් යන ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ට ඊට ගොදුරු ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...