පොලිසියට නීතිය හරහට සිටියි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 10 ,(LNW)කොළඹ :

මෙවර රග්බි වාරය පොලිස් කණ්ඩායමට සුබ නැත.අසුබ වන්නට හේතුව හැකියාවන් මද කම නොවීම තවත් ඛේදයකි.යුද හමුදාව සමඟ පැවති තරගයේදී පිටියේ තත්ත්වය,අයහපත් කාලගුණය ආදි කරුණු සම්බන්ධයෙන් පොලිසිය ඉදරිපත් කළ කරුණු නොසළකා තරගය පැවත්වීමෙන් සහ එවැනි තත්ත්වයන් තුළ තරග කොමසාරිස් විසින් එකඟ වූ කාරණා ද නොසළකා යුද හමුදාවට ජය පිරි නැමුවේය.
යළිත් හැව්ලොක්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී සිඳු වූ පරාජය ද,විනිසුරු තීරණ නිසා සිඳූ වූ බවට පොලිසිය පටිගත කළ දර්ශන පාදක කරගෙන ඉදිරිපත් කළ කරුණු බොහෝ දේ පිළිගැනීමට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ පිරිස එකඟ වී ඇත.එහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලැබූ ලකුණුවලට යාම සිඳු වී ඇත්තේ ද,පොලිසීයට බාධාවන අයුරෙන් බවත්,පොලිසියට හිමි විය යුතු අවස්ථා හිමි වී නැති බවත් පැහැදිළි කර ගැනීමට හැකි වී තිබේ.


එහෙත් පිළිගැනීමෙන් එහාට තීරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.අසාධාරණ ලෙස සිඳු වූ පරාජයන්ම දරා ගැනීම පොලිසියේ උරුමයද?මේ පරාජයන් පොලිස් කණ්ඩායමට කිනම් ආකාරයට බලපායි ද?රුපියල් ලක්ෂ 140 ක පමණ මුදලක අනුග්‍රාහකත්වයක් රගර් ක්‍රීඩාව සඳහා පොලිසියට අවශ්‍යය වන්නේය.එම මුදල ලබා දීමේ එකඟතාවයට ජය සහ පරාජය යන කාරණාවල දත්ත සළකා බැලෙන්නේය.මෙය සාමාන්‍ය තත්ත්වයකි.


ඒ නිසා මේ පරාජයන්වලින් සිඳුවන අසාධාරණකම් සහ තරග විනිසුරුවන් සහ තරගවලට සම්බන්ධ වන නිලධාරි පොලිසිය සම්බන්ධයෙන් එක දිගට ලබා දෙන වැරදි තීරණ නිසා තරගාවලියෙන් පොලිසියට හිමි විය යුතු ස්ථානය අහිමි වන්නේනම් එය බලවත් අපරාධයකි.වත්මන් පරිපාලනය කියා ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පවත්වාගෙන යන වැඩ සටහනක් වන අතර ඔහු විසින් වගකීම් පවරා ඇති පිරිස් මේ ආකාරයට තරගාවලිය ඉදරියට තල්ලු කරගෙන යාමෙන් රගර් හී කීර්තිනාමයට සිඳුවන හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳව තීරණ ගැනීමට අලුතෙන් පත්වන රගර් පරිපාලනයට සිඳුවනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...