*
Sunday, January 12, 2025
spot_img

Latest Posts

ලංකාවේ 13 වන ජය සහ අලුත් බලාපොරොත්තු සහගත වේගයක් ස්ථාවර වීම

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 11 ,(LNW)කොළඹ :

නවසීලන්තය සමග එක්දින තරගාවලිය මේ පාරත් පරාදයි.නවසීලන්තය සමඟ නවසීලන්තයෙ කරන ක්‍රීඩාවෙ ප්‍රතිපලය මේ විදිහම තමයි.ශ්‍රී ලංකාව 1983 ඉදලා නවසීලන්තයේ ක්‍රීඩා කරලත් මේ ලබා ගත්තෙ 13 වන එක්දින තරග ජය.


තරග දෙකක් පැරදිලා සූරතාවය නවසීලන්තයට හිමි වෙලා තියෙද්දි ශ්‍රී ලංකාව තෙවන තරගය ජයගන්නෙ ලකුණු 140 කින්.මේ තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කළ නිසා පන්දු ඕවර් 50 නිමා වන විට ලකුණු 290 ක් ලබා ගත්තා.ආබාධයක් සමඟ පැතුම් නිශ්ශංක පන්දු 42 දී ලකුණු 66 ක් ලබා ගැනීමට සමත් වුණා.කුසල් මෙණ්ඩිස් පන්දු 48 දී ලකුණු 54 ක් ද,ජනිත් ලියනගේ පන්දු 52 දී ලකුණු 53 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැඟීමට දායක වූහ.පන්දු 71 න් ලකුණු 46 ක් ලැබූ කමිඳු මෙණ්ඩිස් එක් අවස්ථාවක වැටෙන්නට ගිය ඉණිම නැවත ගොඩ නැඟීමට දායක ව්ය.
ලකුණු 290 ක් කඩුලු 8 ක් දැවී ලබා ගත් ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කයට ළඟා වීමට නවසීලන්තය ගත් උත්සාහයට ආරම්භයේ සිටම බාධා කළ අසිත ප්‍රනාන්දු ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණයේ නිල වීරයා ලෙස ඇගයීම් ලැබීය.ඊට නොදෙවෙනි දස්කමක් ප්‍රදර්ශනය කළ මහේෂ් තීක්ෂණ සහ ඒෂාන් මාලිංග ලකුණු 35 බැඟින් ලබා දෙමින් කඩුලු 3 බැඟීන් දවා ගත්හ.

මෙහිදී කණ්ඩායමට රත්නපුරෙන් එක් වූ පළමුවැන්නා ලෙස දස්කම් දැක් වූ ඒෂාන් මාලිංග දෙවන එක්දින තරගයේ අවසන් පන්දුවාර කිහිපය යවමින් සහ මේ තරගයේ මුල සිටම පන්දු යැවූ ආකාරයද සළකා බලද්දී,අසිත සමඟ කණ්ඩායමේ සිටිය යුතු අනෙක් ආරම්භක පන්දු යවන්නාගේ ස්ථානය තහවුරු කර ගැනීමට අවශ්‍යය දක්ෂතා ප්‍රකට කළේය.රත්නපුරෙන් මතු වූ ඔප වැටෙමින් තිබෙන ක්‍රිකට් මැණිකක් ලෙස මේ තරගාවලියේ දී ඔප්පු කළ ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් හී දක්ෂයන්ගේ ව්‍යාප්තිය,සංවර්ධනය සහ සංරක්ෂණය ගැන අපූරු නිදසුනක් ලොව හමුවේ තැබීමට සමත් වූහ.
නවසීලන්තය වෙනුවෙන් ලකුණු 150 ට සියල්ල දැවී ගිය ඉණිමේ හුදෙකලා සටනක් දියත් කළ මාර්ක චැප්මන් පන්දු 81 දී ලකුණු 81 ක් රැස් කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැඟෙන යාමට විශාල වෙහෙසක් දැරුවේය.එහෙත් ලකුණු පූවරුව 150 ට සීමා කරමින් අවසාන පිතිකරුවා ලෙස චැප්මන් ගේ කඩුල්ල සොයා යන පන්දුවක් යොමු කිරීමට තීක්ෂණය හැකි විය.එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇති කළ පීඩනය තව දුරටත් තිව්ර කිරීමට නොහැකි වූයේ පන්දු යැවීමේ නිවැරදි එල්ලය ගැන ඔවුන් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවීම නිසාය.මේ හේතුව නිසා වයිඩ් පන්දුවලින් ගලා ආ ලකුණු 18 ක් නවසීලන්ත ලකුණු පූවරුවට එක් වී තිබිණ.


නවසීලන්ත වේග පන්දු යවන්නන් මේ තරගාවලිය පුරාම විශිෂ්ඨ දස්කම් දැක්වීය.ශ්‍රී ලංකාව ලකුණු 290 කරා යද්දී ද,මැට් හෙන්රි දැවී ගිය කඩුලු 8 න් හතරකම හිමිකරුවා වූයේ සමස්ත තරගාවලියේ කඩුලු 9 ක් දවා ගනිමින්ය.ඒ නිසාම ඔහු තරගාවලියේ වීරයා ලෙස නම් කරනු ලැබීය.
තරගය පැවති ඒඩ්න් පාර්ක පිටියට සවේදී කරුණක් මතු කළ නවසීලන්තය සතුව සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මාටින් ගප්ටිල් සිය දරු දෙදෙනාද කැටුව පැමිණ සිය අන්තර්ජාතික ක්‍රීකට් දිවියේ සමුගැනීම සටහන් කිරිම දැක ගන්නට ලැබිණ.
තරගයේ සමස්ථ ලකුණු පූවරුවට පිවිසෙන්න → https://es.pn/409nt61

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan