යතුර හමුවූ බව ….

Date:

සිහිල් සෘතුවේ
අවසාන දුක්මුසු සැඳෑවය.
දිගු හෙවනැලි
දසත වැතිර ඇත.

අලුපාට අහසෙන්
පෙරී එන තාරුකා එලියක්,
හිස දෙපැත්තට සොලවන
මල් ගස් කීපයක්,
දුක සිංදුම කියන සුළඟක්.

යතුර හමුවූ බව
ඔබ දන්වා ඇත.
එහෙත් මතක සේප්පුව
දැන් මවෙත නැත.

ගඟක, පොකුණක, මුහුදක ගිල්වා ඇත.
කුමන ගඟුලද, කවර පොකුණද
කිනම් සාගරයකදැයි දන්නා
එකම එක කෙනාද ජීවතුන් අතර නැත.

යළි පණිවිඩ නොඑවන්න
වෙහෙසය, මිලානය හද.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...