සජිත් වෙනස් නොවුණොත් ගොඩක් අය UNP එකට ආපහු යයි.තීරණය සජිත් අතේ – හිරුණිකා

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාස මහතාගේ ද අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරිගමනක් නොගියහොත් බොහෝදෙනා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ නායකත්ව ලක්ෂණ නිවැරදි කරගෙන වැඩකළ හැකි කණ්ඩායමක් එකතුකරගෙන ඉදිරියට යන්නේ නම් කිසිවෙකු සමඟ හෝ එකතුවීමක් අවශ්‍ය නොවන බවයි ඇය පවසන්නේ.

”දැන් මතයක් තියෙනවා සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා යන්න ඕනේ කියල. සමහරක් කට්ටිය කැමතියි. සමහරක් කට්ටිය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න ඕන තීරණයක් ඒක. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යම් යම් අඩුපාඩු හදාගෙන ගියේ නැත්නම් බොහෝදෙනා සජිත් ප්‍රේමදාස මහත්තයව අතහැරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට යයි. මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මේ පක්ෂයේම දිගටම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අලුතින් හදපු පක්ෂය ඇතුලේ මට තාම ලොකු වගකිමක් තියෙනවා මට ජන්දය දුන්න මිනිස්සුන්ගෙන් ජන්දය ලැබුණේ ටෙලිෆොනයට කතිරය ගහපු නිසා. නයකත්වය තීරණය කළොත් අපි සාකච්ජා කරනවා ඉස්සරහට මොකක්ද කරන්නේ කියල, මට හිතෙන්නේ මෙහෙමයි.සමහර පාක්ෂිකයෝ කියනවා එකතුවෙන්න ඕනේ කියල. සමහර පාක්ෂිකයෝ කියනවා එකතු වෙන්න ඕනේ නැහැ කියල. සජිත් ප්‍රේමදාස මහත්තය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ නැතුව ගියොත් අන්තිමට සියලුම පාක්ෂිකයෝ කියයි එකතුවෙන්න ඕනේ කියල. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයට මෙතනට ආපු කට්ටිය. එතුමා වෙනස් වෙලා එතුමාගේ නායකත්ව ලක්ෂණ වෙනස්වෙලා එතුමාගේ වටේ අඩුමගානේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් එකතුකරගෙන මේ ගමන ගියොත් කාඑක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එතුමා තීරණය කරන්න ඕනේ මොකක්ද ඉස්සරහට කරන්නේ කියල.” යනුවෙන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...