විපක්ෂ නායක සජිත්ගේ තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩය

සටහන – රුවන් නෙළුගොල්ල

තෛපොංගල් උත්සවය අපට කියා දෙන මහා පාඩම වන කෘතගුණ සැලකීම යන්න වර්තමාන සමාජය විසින් අනාගතය වෙනුවෙන් නිවැරදිව සමාජගත කිරීම අපගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා විසින් තෛපොංගල් දිනය වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.


අස්වැන්න නෙළීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව සමරනු ලබන මහා සංස්කෘතික වටිනාකමකින් හෙබි උත්සවයක් ලෙස හැඳින්විය හැකිය. පාරම්පරිකව අස්වැන්න නෙළන අවස්ථාවේදී සමරනු ලබන මෙම උත්සවය කෘතවේදීත්වය සහ සෞභාග්‍ය සමග බැඳී පවතින්නකි. කෘෂිකාර්මික ජීවන රටාව තුළ තමාගේ ආර්ථිකයට, ජීවිතයට සවියක් වූ අස්වැන්න සශ්‍රීක කිරීමට උපකාර කළ සූර්යයාට, සොබාදහමට මෙන්ම එයට උපකාරී වූ ගව මහීෂාදී සතුන්ටත් කෘතගුණ පළ කරන මෙම උත්සවය අපට කියා දෙන මහා පාඩම වන කෘතගුණ සැලකීම යන්න වර්තමාන සමාජය විසින් අනාගතය වෙනුවෙන් නිවැරදිව සමාජගත කිරීම අපගේ වගකීමයි.

රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට තෛපොංගල් උත්සවයේ යටිපෙළ නිවැරදිව කියවා ගැනීමෙන් හැකියාව ලැබේ. බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමිය තුළ විවිධත්වයෙන් එකමුතුව මඟ පාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයක් සුරැකීමට හේතුවක් ද වනු ඇත. එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උළෙල සමරන ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටකිනි.

ඔබ සැමට ශ්‍රී සුබ තෛපොංගල් දිනයක් වේවා!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...