දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යෙයෝල් රඳවා තබා ගැනීමට දෙවන උත්සාහයේදී දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ, යූන් ගැන විමර්ශනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් පසුගිය දෙසැම්බර 03 වන දින යුද නීතිය පැනවීමට කෙටිකාලීන උත්සාහයකින් පසුව කැරැල්ලේ චෝදනා මත විමර්ශනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

මෙම වරෙන්තුව මඟින් විමර්ශකයන්ට පැය 48ක් දක්වා යූන් රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා එම කාලය තුළ CIO අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනකායක් සිටින අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විවේචකයන්ගෙන් පිරී ඇති අතර, පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

ජනාධිපති යූන් සුක්-යෙයෝල් ධුරයෙන් පහ කිරීම වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන ලද දෝෂාභියෝගයක් සම්මත වීමෙන් අනතුරුව දෙසැම්බර් 14 වන දින ඔහුගේ සේවය අත්හිටුවනු ලැබූ අතර ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජනාධිපතිව සිටියදී බොහෝ අපරාධ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය නොහැකි වුවද, කැරැල්ල හෝ රාජද්‍රෝහී නඩු වලදී ඔහුට මුක්තියක් නොමැත.

ඒ අනුව විමර්ශන සනාථ වන්නේ නම් ජනාධිපතිවරයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දණ්ඩනයට පවා මුහුණ දිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...

නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද…..?

අශෝක ජයතුංග ජූනි 24 වොෂින්ටන් LNW : 🍎නොනිමි ලෝක යුද්ධයක් බවට...