ජනතාවට කිසිම අගහිඟයක් නෑ. ඉතිහාසයේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ අපේ ආණ්ඩුවයි – සමන්මලී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසන ආකාරයේ අගහිඟයක් ජනතාවට නොමැති බවත් ඔවුන් ඉතාම සතුටින් තෛපොංගල් උත්සවය සැමරූ බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

“ඉතාම හොඳින් කිරිබත උයාගෙන, තෛපොංගල් බත උයාගෙන ඒ දෙවියන් වෙනුවෙන් ගණ දෙවි පූජාව පවත්වන අයුරු උදේ පාන්දර පහාමාරෙ ඉඳලා තමයි මේ කෝවිලට මේ ජනතාව ගලාගෙන එන්නෙ. මේ අයට නම් එහෙම අගහිඟයක් කිසිම දෙයක් නෑ. ඒ නිසා සියලු දෙනාම කිරිබත උයාගෙන සතුටින් සමරනවා. මං හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලංකා ඉතිහාසයේ වැඩිම පොරොන්දු ප්‍රමාණයක් ඉෂ්ට කරපු ආණ්ඩුවක් තමයි වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඔබට මතක ඇති, අපේ රටට ඕනෙ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළා”

සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ තෛපොංගල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ මහත්මිය ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බිරිඳ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...