ජනතාවට කිසිම අගහිඟයක් නෑ. ඉතිහාසයේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ අපේ ආණ්ඩුවයි – සමන්මලී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසන ආකාරයේ අගහිඟයක් ජනතාවට නොමැති බවත් ඔවුන් ඉතාම සතුටින් තෛපොංගල් උත්සවය සැමරූ බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

“ඉතාම හොඳින් කිරිබත උයාගෙන, තෛපොංගල් බත උයාගෙන ඒ දෙවියන් වෙනුවෙන් ගණ දෙවි පූජාව පවත්වන අයුරු උදේ පාන්දර පහාමාරෙ ඉඳලා තමයි මේ කෝවිලට මේ ජනතාව ගලාගෙන එන්නෙ. මේ අයට නම් එහෙම අගහිඟයක් කිසිම දෙයක් නෑ. ඒ නිසා සියලු දෙනාම කිරිබත උයාගෙන සතුටින් සමරනවා. මං හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලංකා ඉතිහාසයේ වැඩිම පොරොන්දු ප්‍රමාණයක් ඉෂ්ට කරපු ආණ්ඩුවක් තමයි වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඔබට මතක ඇති, අපේ රටට ඕනෙ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළා”

සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ තෛපොංගල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ මහත්මිය ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බිරිඳ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...