ඊශ්‍රායලය හා හමාස් සංවිධානය ගාසා තිරයේ සටන් විරාමයකට එළඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස 15ක් පුරා ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවති යුද්ධය සටන් විරාමයකට එළඹ ඇති බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ගාසා තිරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම සහ හමාස් විසින් රඳවාගෙන සිටි සියලුම ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම මෙම සටන් විරාමයේ අරමුණ වන අතර එය සටන් විරාමය ජනවාරි 19 ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වන බවයි.

සටන් විරාමය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය හා කටාරය විශාල පරිශ්‍රමයක් දැරූ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රාණ ඇපකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල දුක් වේදනා අවසන් කිරීමේ ගිවිසුමක් ඉදිරියට ගෙන යාමට සහාය වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක් පිරිනමා ඇති අතර එක්සත් ජාතීන්ගේ මහාලේකම් සඳහන්කර තිබුණේ, පලස්තීනුවන්ට වඩ වඩාත් අහාර බෙදා හැරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි.

හමාස් සංවිධානය 2023 ඔක්තෝම්බර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1200ක් පමණ ඝාතනය කර 251ක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ගාසා තීරයට රැගෙන ගිය අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් දියත්කළ යුද්ධය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළුව පුද්ගලයන් 46,000ක් මියගොස් 110,265 ක් තුවාල ලබා ඇති අතර දේපල වලට සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : අද (25) දින...

කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍ය වීර දිනය සමරයි!

කොළඹ LNW: නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන්...