කුසල් ජනිත් ස්ථාන විසි හයකින් පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 16 ,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ක්‍රිකට් ශේණිගත කිරීම්වලදී ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් දස දෙනා අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුගේම ශ්‍රේණි ඉහළ යාමක් දකින්නට තිබෙනවා.ඒ අතර ඉහළම ප්‍රගතිය පෙන්වා ඇත්තේ කුසල් ජනිත් පෙරේරා යි.ඔහු ස්ථාන 26 කින් පෙරට පැමිණ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 10 වන තැන දිනා ගෙන තිබෙනවා.ඊට ප්‍රධාන වශයෙන්ම බල පෑ හේතුව වන්නේ කුසල් ජනිත් නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද විස්සයි විස්ස ශතකයයි.


ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර තෙවැන තැන දක්වා උසස් වීමට මහේෂ් තීක්ෂණට හැකියාව ලැබී තිබෙනවා.නවතම ශ්‍රේණිගත කිරීමවලට පෙර හත්වැන්නාව සිටි තීක්ෂණ,නවසීලන්ත එක්දින තරගාවලියෙන් පසුව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවැනි තැනට පැමිණ සිටිනවා.


පිතිකරුවන් අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දී ස්ථානයක් ඉදරියට පැමිණ 7 වන තැනට පත්වීමට කමිඳු මෙණ්ඩිස් සමත්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...