මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඊයේ විශේෂ සාකච්ඡාවක. අවසන් තීරණය පක්ෂයට ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) ජනාධිපති මන්දිරයේදී පැවැත්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය නොහැකි නිසා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වියයුතු බවට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුවම යමින් චමල් රාජපක්ෂ මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට “ගෞරවාන්විත සමුගැනීමක්” ලබාදෙන ආකාරය පිළිබඳව අදහස් දක්වා ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් මීට මැදිහත් වෙමින් හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 113ක් හෝ ඊට වැඩි බලයක් තමන්ට ඇතැයි කවරෙකු හෝ කී පමණින් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු නොමැති බවකි. වත්මන් ආණ්ඩුව පිහිටුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් බැවින් මේ පිළිබඳව ගන්නා තීරණයක් ගැනීමට පක්ෂයට ඉඩ ලබාදිය යුතු බවට ඒ මහතා යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

දැනටත් පාර්ලිමේන්තුවේ ආසන 103ක බලයක් මහින්ද රාජපක්ෂ මහතාට ඇති බව ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නැවත රැස්වීමට මැයි 04 වනදා තෙක් කාලය ද ඇති බැවින් මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා කර තීරණයක් ගැනීමට යෝජනා කර ඇති අතර අවසානයේදී ඊට සෙසු තිදෙනාගේ ද අනුමැතිය ලැබී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...