ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැය ගණනාවක සාකච්ජා වලින් අනතුරුව ඊශ්‍රායල් රජය හමාස් සංවිධාය සමඟ නව සටන් විරාමය හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට(19) දිනයේ සිට ගිවිසුම ක්‍රියාත්මක වේ.

ගිවිසුමේ පළමු අදියර යටතේ මාස 15ක ගැටුමකින් පසුව තවමත් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවල සිටින සිය ගණනක් පලස්තීන සිරකරුවන් ඉදිරි සති හය පුරා හුවමාරු කර ගනු ඇති අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් ද ඉවත් වීම, අවතැන් වූ පලස්තීනුවන්ට ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට අවසර දීම සහ ආධාර ලොරි සිය ගණනක් සෑම දිනකම භූමියට ඇතුළු වීමට ඉඩ ලබාදෙනු ඇත.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, සම්පූර්ණ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම වෙනුවෙන් දෙවන අදියර සඳහා වන සාකච්ඡා 16 වන දින ආරම්භ වේ.

තුන්වන සහ අවසාන අදියර යටතේ ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීම ඇතුළත් වේ.

හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රයලයට එල්ල කළ පෙර නොවූ විරූ දේශසීමා ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල් ජාතිකයන් 1,200 ක් පමණ මිය ගොස් 251 ක් ප්‍රාණ ඇපයට ගැනීමට සිදු විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 46,870 කට වැඩි පිරිසක් මිය ගොස් , මිලියන 2.3 ක් අවතැන්ව ඇති බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...