ජනපති අනුරගේ මීළඟ සංචාරය ඇමරිකාවට – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීළඟ විදෙස් සංචාරය වශයෙන් ඇමරිකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනාධිපතිවරයා මුලින්ම කලාපයේ බලවතුන් වන ඉන්දියාවට සහ චීනයට ගිය අතර ඉන් අනතුරුව ලෝක බලවතුන් හමුවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ඊළඟට බලාපොරොත්තු වෙනවා ඇමරිකාවෙ සංචාරයක් යන්න අනුර සහෝදරයා. ඉස්සෙල්ලා කලාපයේ දෙන්නා හම්බවෙලා ඉන්න එපැයි. අපේ කලාපයේ බලවතුන් දෙන්නා. ඉන්දියාව, චීනය. ඊටපස්සෙ ලෝක බලවත්තුත් ඉන්නවානෙ තව නේද ? ඇමරිකාව, ජපානය. ඉතින් ඒ අයත් එක්කත් අපි ගනුදෙනු කරමින් සංස්කෘතික සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් සංචාරක කර්මාන්තයටත් ඒ දායකත්වය ලබාගනිමින් අපේ තියෙන මේ වටිනා දේවල් ස්වභාව සෞන්දර්යය වෙන්න පුළුවන්, සංස්කෘතික දේවල් වෙන්න පුළුවන්, ඒවා තවතවත් සංරක්ෂණය කරලා වැඩිදියුණු කරගනිමින් තමයි අපිට මේවාට උත්තර හොයන්න වෙන්නෙ. ඒ වැඩපිළිවෙලේ අපි දැන් ගමන් කරමින් තියෙනවා. චීනය අපිත් එක්ක හොඳයි, ඉන්දියාවත් අපිත් එක්ක හොඳයි, කවුරුත් අපිත් එක්ක අමනාපයක් නෑ. ඒ නිසා අපට මේ ප්‍රශ්න ඉක්මනින් විසඳාගන්න පුළුවන්”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) උඩුනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...