ජනපති අනුරගේ මීළඟ සංචාරය ඇමරිකාවට – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීළඟ විදෙස් සංචාරය වශයෙන් ඇමරිකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනාධිපතිවරයා මුලින්ම කලාපයේ බලවතුන් වන ඉන්දියාවට සහ චීනයට ගිය අතර ඉන් අනතුරුව ලෝක බලවතුන් හමුවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ඊළඟට බලාපොරොත්තු වෙනවා ඇමරිකාවෙ සංචාරයක් යන්න අනුර සහෝදරයා. ඉස්සෙල්ලා කලාපයේ දෙන්නා හම්බවෙලා ඉන්න එපැයි. අපේ කලාපයේ බලවතුන් දෙන්නා. ඉන්දියාව, චීනය. ඊටපස්සෙ ලෝක බලවත්තුත් ඉන්නවානෙ තව නේද ? ඇමරිකාව, ජපානය. ඉතින් ඒ අයත් එක්කත් අපි ගනුදෙනු කරමින් සංස්කෘතික සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් සංචාරක කර්මාන්තයටත් ඒ දායකත්වය ලබාගනිමින් අපේ තියෙන මේ වටිනා දේවල් ස්වභාව සෞන්දර්යය වෙන්න පුළුවන්, සංස්කෘතික දේවල් වෙන්න පුළුවන්, ඒවා තවතවත් සංරක්ෂණය කරලා වැඩිදියුණු කරගනිමින් තමයි අපිට මේවාට උත්තර හොයන්න වෙන්නෙ. ඒ වැඩපිළිවෙලේ අපි දැන් ගමන් කරමින් තියෙනවා. චීනය අපිත් එක්ක හොඳයි, ඉන්දියාවත් අපිත් එක්ක හොඳයි, කවුරුත් අපිත් එක්ක අමනාපයක් නෑ. ඒ නිසා අපට මේ ප්‍රශ්න ඉක්මනින් විසඳාගන්න පුළුවන්”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) උඩුනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...