අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ (LNW):

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් , ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු වෙළෙඳසැළක් පවත්වාගෙන යන 47 හැවිරිදි වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කළ අතර, එහිදී අනාවරණය වූ තොරතුරු මත තවත් සැකකරුවෙකු පසුගිය 14 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක්, එම පතරොම් ගැබක් හා ජීව පතරොම් 18ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉහත සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් දින 90ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබූ අතර ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත රුපියල් ලක්ෂ 2ක මුදලකට තවත් ටී 56 ගිනි අවියක් අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබුණි.

එම තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද දින (18) වැලිඔය ප්‍රදේශයට ගොස් ටී 56 ගිනි අවිය, පතරොම් ගැබක් හා ජීව පතරොම් 11 සමග සැකකරු අත්අඩංගුව ගෙන ඇත.

මෙම ගිනි අවිය වෙනත් අපරාධ සඳහා භාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...