තරුශි වැඩ අල්ලයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

ආසියානු මීටර් 800 සූරී තරුශි කරුණාරත්න ඇමෙරිකානු අධ්‍යාපනය සඳහා පිටත්ව ගිය එක අරමුණක ඇති මලල ක්‍රීඩා ජිවිතයෙ බලාපොරොත්තුවලට පිවිසීම අරඹමින් සහභාගි වූ මීටර් 1000 තරගයකින් හත්වන තැන දිනා ගෙන තිබෙනවා.


ඇමෙරිකාවේ ටෙනසි කේන්ද්‍ර කර ගනිමින් පැවති වැන්ඩර්බිල්ට් ආරාධිත ගෘහස්ත තරගාවලියේදී තමන් පිළිබඳව තක්සේරුවක් ඇති කර ගැනීම සඳහා වන අදහසින් මීටර් 800 වෙනුවට මීටර් 1000 ඉසව්ව තෝරා ගනිමින් තරග වැඳි තරුශි කරුණාරත්න එම ඉසව්ව සඳහා විනාඩි 2:49.04 ක කාලයක් වාර්තා කරමින් හත්වන තැනට පත් වුණා.


මෙම ඉසව්ව වෙනුවෙන් මූලික තරග පහක් පැවති අතර තරුශි සහභාගි වූයේ ඉන් පළමු මූලික තරගය සහ එම මූලික තරග පහෙන්ම වේගවත්ම තරගයටයි.එහිදී ඇය හත්වන තැනට පැමිණි අතර මූලික තරග පහේම කාලය අනුව ද ඇයට හත්වන තැන හිමිවීමෙන්,එම තරගයේ වේගවත්කම සෙසු මූලික තරගවලට වඩා ඉදිරියෙන් තිබුණු බව පැහැදිළි කරනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...