අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක CIDයට කැඳවයි

දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක මහතාට අද (ජනවාරි 20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව, එම පුවත්පතේ පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මහතා සහ එම පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...