හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ 07, විජේරාම මාවතේ නිල නිවස සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පැවති ජන හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබිණි.
මෙම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ විකාශය වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට සහ එම පවුලේ අයට ඔවුන්ගේ හිතවතුන්ගෙන් විශාල වශයෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.
මෙම නිල නිවසේ ප්රශ්නය දිගින් දිගටම ඇදී එන එකක් නිසා මෙයින් ඉවත්ව කුලී නිවාසයකට යාම සුදුසු යැයි මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී සිය පියාට යෝජනා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
සබැඳි පුවත් –