සජබ – එජාප එක්වීමේ සාකච්ඡාවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඊයේ (ජනවාරි 20) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ය.

සජබ මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ ද සමග එක්ව එක්සත් ජාතික පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණවලට තරග වැදීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම සජබ සමඟ සාකච්ඡා එජාප පාර්ශ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් තීරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...