*
Wednesday, January 22, 2025
spot_img

Latest Posts

අයහපත් කාළගුණයෙන් පීඩා රැසක් : මරණත් 02ක්

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ (LNW):

මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා මරණ දෙකක්ද වාර්තා වේ. 20,300 දෙනෙකු පීඩාවට පත්ව ඇති සිටින අතර ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම සිදු කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ප්‍රධාන වැව් 73න් 54කට ආසන්න ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමග මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිම අඩි 4ක් පමණ ජලයෙන් යටවී ඇත.

පසුගිය මාස කිහිපය ඇතුළත පුදබිම ජලයෙන් යටවූ තුන්වන අවස්ථාව මෙයයි.

භික්ෂූන් වහන්සේ ඔරුව භාවිත කරමින් චෛත්‍ය වෙත ගොස් ආගමික වතාවත් සිදුකරන ආකාරය දැකගත හැකි විය.

අද (21) උදෑසන වැස්ස අඩුවීමත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු වසාදැමීම හේතුවෙන් කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා පමණක් විවෘත කිරීමට කටයුතු කෙරුණි .

ඒ ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ හා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල අධීක්ෂණය යටතේයි.

කෙසේ වෙතත් මාර්ගයේ සැහැල්ලු වාහන ගමනාගමනය තවදුරටත් නතර කර ඇත. වැසි තත්ත්වය අඩු වුවහොත් අද (21) සවස් වනවිට කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට හැකිවනු ඇති බව බලධාරීන් පවසයි.

මේ අතර කවුඩුලු වැවේ වාන් දොරටු 12ම මේ වනවිට විවෘතව ඇත. ඒ අනුව එම ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දේ.

මහ කනදරාව වැව වාන් දැමීම හේතුවෙන් කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවෙමින් පවතින බවත් , අධික වර්ෂාවත් සමග මහකනදරාව වැවේ වාන් දොරටු දෙකම විවෘත කර තිබෙන බවද වාර්තා වේ.

මාර්ග කිහිපයක් ද යටවී ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවද සඳහන් වේ.

මෙහි වැසියන් පවසන්නේ, දින ගණනාවක්ම මාර්ගය යටවීම නිසා ආහාරපාන ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නගරයට යාමට නොහැකිවී ඇති බවයි .

ජාතික ජන බලවේගයේ අලුත්ගම හා ගම්බිරිස්වැව කොට්ඨාස සභාව මගින් මෙම පවුල් වෙත ඊයේ (20) රාත්‍රියේ ආහාර ලබාදීමට කටයුතු කර ඇත.

ප්‍රදේශයේ කුඹුරු අක්කර 60ක් පමණ ජලයෙන් යටවී තිබෙන අතර,

වනඅලි ගහනයෙන් ද ඔවුන් පීඩාවට පත්ව සිටී.

මේ අතර අනුරාධපුර මහාමන්කඩවල ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර, මේ වනවිටත් වැලිකොට්ට දමා සකස් කරන ආකාරය දැකගත හැක.

මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 650කට දියවර සැපයේ.,බැම්ම කැඩීගියහොත් ගම්මානයම යටවනු ඇති බවයි .

වසර ගණනාවකින් මෙහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුකර නැති බවට ඔවුන් චෝදනා කරයි..ගම්මානයට යන මාර්ගය ද ගස් කඩාවැටීමෙන් අවහිර වී තිබේ.

එසේම මහවිලච්චිය ගුලුපෙත්වැව ද අධික වර්ෂාව හමුවේ අවදානමට ලක්ව තිබේ.

පාසි එක්රැස්වී වැව් බැම්මට තදවීම නිසා බැම්ම කැඩීයාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

ඒ අනුව පාසි ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රදේශවාසීන් නිරතවන ආකාරය දැකගත හැකියි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ද අස්වනු නෙළීමට සූදානම්ව තිබූ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවී විනාශ වී ඇති බව එහි වාර්තාකරුවන් පවසයි.

දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන අධ්‍යක්ෂ එස් ජගනාදන් මහතා පවසන්නේ, දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඒකක 16 තුළම වගාකර තිබූ කුඹුරු අක්කර දහස් ගණනක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.

හෙට (22) සිට වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණි .

ගොවි ජනතාව පවසන්නේ තමන්ට යම් සහනයක් ලබාදෙන ලෙසයි.පුත්තලම දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6ම විවෘත කර තිබේ.

ඒ අනුව පහළ මිටියාවතෙහි පිරිසට අවධාරණය කරන්නේ ඒ පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි.

අඹන්ගඟ හරහා ගමන් කිරීමට ගිය වන අලියෙකු ඇලහැර අමුණ දෙසට ගසාගෙනවිත් අමුණේ කොන්ක්‍රීට් බැම්මෙන් පහළට වැටී සිටි බවද වාර්තා වේ.

ජල පහර නිසා ගොඩවීමට නොහැකිව සිටින අලියා බේරා ගැනීම සඳහා අඹන් ගඟට ජලය ලැබෙන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු පැය දෙකකට ආසන්න කාලයක් වසා දමා අලියා බේරා ගැනීමට කටයුතු කළ බව සඳහන් වේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු නැගෙනහිර පළාතේ පාසල් අද (21) යළි විවෘත කෙරුණි..

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

මේ අතර උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් විශාල ගල් සහිත පස් කණ්ඩියක් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ මහනුවර මහියංගනය මාර්ගය යළි විවෘත කර ඇත .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. නායයාම් අවධානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවයි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan