අද සිට සියලුම මාලිමා මැති ඇමතිලා දුරකථන ඇමතුම්වලට පිළිතුරු දිය යුතුයි – ජනපතිගෙන් නියෝග !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අනිවාර්යයෙන්ම තමන්ට එන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි තමන් පෙරේදා (20) පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තරයේ අවධාරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි මේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි මාධ්‍ය ලේකම්වරුන් පවා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නෙ නැහැනෙ. පුදුම අමාරුවක් තියෙන්නෙ දුරකථනයට සම්බන්ධ කරගන්න ?

“ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අපි පවත්වපු වෙලාවෙ විශේෂයෙන්ම අවධාරණය කළා, හැම කෙනාටම කිව්වා දුරකථනය අමතන්න ඕනෙ. තමන් කාර්යයක නම් ඉන්නෙ, වෙන කෙනෙක් අතට දුරකථනය දෙන්න. අමතන්න ඕනෙ. දැන් බලන්නකො ඔන්න”

ප්‍රශ්නය – හෙටින් පස්සෙ හරියයිද ?

“ඔව්. තියෙන ප්‍රශ්නෙ මෙහෙමයි. අපෙ අමාත්‍යවරුන්ගෙන් හය දෙනෙක් – මම, හරිනි සහෝදරී, විජිත, බිමල්, හඳුන්, ලාල් – හැරුණුකොට ඉතුරු පහළොස් දෙනාම පාර්ලිමේන්තුවේවත් හිටපු නැති අය. ඒගොල්ලන්ට අවබෝධය තියෙනවා, ඒගොල්ලන්ට පුළුවන් මේක ක්ෂණිකව අල්ලාගන්න. හැබැයි ඒගොල්ලො අමාත්‍යාංශයකට ගියපුවාම ඒකෙ තියෙන අණපනත්, ආයතන ව්‍යුහය, අභියෝගයන්, මේවා හඳුනාගන්න ඒ හැම කෙනාම රෑ 10 – 11 වෙනකල් වැඩ. මොකද මේ අය පවුල්වලින් ඇමතිකම්වලට ආපු අය නෙවෙයි, අලුත්ම කණ්ඩායමක්”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සටන” වැඩසටහනේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය