විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන බවද වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...