රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ (LNW):
පෙබරවාරි 2වනදා, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම කටයුතු සිදු වීමට නියමිත අතර, පළමුව ජය ශ්රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇතති බව සඳහන් වේ.
පසුව, ග්රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇති බව සඳහන් වේ.