ව්‍යාපාරික නිමල් පෙරේරාට ප්‍රභූ ආරක්ෂාව ?

Date:

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන නිමල් පෙරේරාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් අනුයුක්ත කරලා කියලා ආරංචියි.

නිමල් පෙරේරා දිනපතා ශරීර සුවතා ව්‍යායාම් කරන්න කොළඹ හිල්ටන් හෝටලයේ ජිම් එකට එනවා. දැන් එයා එන්නේ ආරක්ෂක නිලධාරීනුත් එක්ක ලු. ඉතින් හිල්ටන් ජිම් එකේ සාමාජිකයින් හැමෝම වගේ පුදුම වෙලා ඉන්නවාලු මෙයාට කොහොමද ප්‍රභූ ආරක්ෂාවක් ලැබිලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ජනාධිපතිගේ, අගමැතිගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ පවා ප්‍රභූ ආරක්ෂාව අඩු කරමින් යන කාලයක ඔය කිසිම ආරක්ෂක තර්ජනයක් නැති නිමල් පෙරේරාට විශේෂ ආරක්ෂාවක් මොකටද කියලා ඒගොල්ලෝ කතා වෙනවා ලු.

කාලයක් රාජපක්ෂ පවුලේ සමීප විශ්වාසවන්තයෙක් හැටියට ඉඳපු නිමල් පෙරේරා දැන් ඉන්නේ රාජපක්ෂලා එක්ක හොඳටෝම තරහින්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදෙන්න යාමේ හිලව්වට මෙහෙම විශේෂ ආරක්ෂාවක් ලබාදීලා කියලායි කතාව යන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...