විෂමාචාර චෝදනා රැසකට මුහුණ දී සිටින පීට් හෙග්සෙත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විෂමාචාර චෝදනා රැසක් වෙනුවෙන් චෝදනා ලබා සිටින හිටපු හමුදා ප්‍රවීණයෙකු හා ෆොක්ස් නිවුස් සත්කාරක, අන්ත දක්ෂිනාංශික ක්‍රිස්තියානි අනුගාමිකයකු වන පීට් හෙග්සෙත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ පත්කිරීම සෙනෙට් සභාව විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස් ඇතුළු සමස්ත රිපබ්ලිකන් සම්මේලනයම පාහේ හෙග්සෙත්ගේ නාමයෝජනා සඳහා සහාය නොදුන් අතර සෙනෙට් සභිකයන් වන කෙන්ටකි හි මිච් මැක්කොනෙල්, මේන් හි සුසාන් කොලින්ස් සහ ඇලස්කාවේ ලීසා මුර්කොව්ස්කි ද හෙග්සෙත්ගේ නම් කිරීමට විරුද්ධව ජන්දය භාවිතා කර තිබිණි.

පසුගිය මාස දෙක තුළ මතු වූ ලිංගික අතවර සහ සේවා ස්ථානයේ විෂමාචාර චෝදනා හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සඳහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අය අතර හෙග්සෙත් ද විය.

කෙසේ නමුත් සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් හෙග්සෙත් සඳහන් කර තිබුණේ, තමා විසින් ආරක්ෂක දෙපාර්තමේන්තුවට රණශූර සංස්කෘතියක් ගෙන එන බවත්, හමුදාව තුළ විවිධත්වය, සමානාත්මතාවය ආරක්ෂා කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...