ඇමෙරිකාවේ කැලිෆෝනියා ලැව්ගිණි වලින් පීඩාවට පත්වූවන්ට සෙත්පතා වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ සෙත් පැතීමේ ආගමික වතාවත්.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 27 වොෂින්ටන් LNW :

ජනපති හා විදේශ ඇමතිගේ අනුදැනුම හා ආශීර්වාදය මත තානාපති මහින්ද හා නිළධාරීන් එය සංවිධානය කරයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළ නිළධාරීනුත් ඊට එක්වෙයි.

පසුගියදා දකුණු කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් ආශ්‍රිතව ඇතිවූ පැරිසේට්, ඊටෙන් හා හියුස්   ලැවිගිණි තුනෙන් පීඩාවට පත්වූවන්ට සෙත්පතා වොෂින්ටන් තානාපති පරිශ්‍ර බුදු මැදුරේදී බෞද්ධ ආගමික ආශීර්වාද පුජාවක් සිදුකෙරිණ.

ජනාධිපතිතුමා හා විදේශ ඇමතිතුමාගේ අනුදැනුම මත තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිළධාරීන් හා සේවක මඩුල්ල විසින් එය සංවිධානය කෙරිණ.

උතුරු ඇමෙරිනාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා මේරිලන්ඩ් වීටන් විහාරාධිපති කටුගස්තොට උපරතන නාහිමිගේ මුලිකත්වයෙන් නැදගමුවේ පඤ්ඤාලෝක,  යෝගාවචර රාහුල, වතුළියද්දේ රතනසීහ, මාතලේ අමිතඛේම, තන්ත්‍රිමලේ මහානාම, මන්දාරම්නුවර උපශාන්ත ප්‍රමුඛ  නාහිමිවරු හා හිමිවරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  ආශීර්වාද පූජාව පැවැත්වින.

එහිදී කතාකල තානාපති සමරසිංහ මහතා ;මෙම ආශීර්වාද පූජාව ජනාධිපතිතුමා හා විදේශ ඇමතිතුමාගේ පූර්ණ අනුදැනුම හා ආශීර්වාදය මත සිදු කරන කටයුත්තක්. ලැවිගිණි වලින් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකවට කල හැකි උපරිම සහාය දෙනවා

ලංකාවට සුනාමි ආවිට 38,000 ක ජීවිත අහිමි වුණා. 15,000 ක් පමණ අතුරුදහන් වුණා. දේපොළ විනාශ වුණා. ඒ අවස්ථාවේ ඇමෙරිකාව විශාල ලෙස උදව් කළා. ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට ආවා.ඇමෙරිකානු පාසල් දරුවන් සිය දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ට පරිත්‍යාග කළා. එවකට ආපදා කටයුතු බාර ඇමති ලෙස සුනාමි ගැන විශේෂ තේරීම් කාරක සභාවක් මගේ මූලිකත්වයෙන් පත්කොට ක්‍රියා කළා. අප හවායි හා ලොස් ඇන්ජලීස් පැමිණි විට ඇමෙරිකාව උපරිම සහාය ලබා දුන්නා. එම පසුබිම හා කලගුණ දන්නා ලාංකීය ජාතීන් ඇමෙරිකාව හෝ ඔිනම රටක් වෙනුවෙන් හදවතින්ම පෙනී සිටිනවා. මෙම ආගමික ආශීර්වාද පූජාව පවත්වන්නේ ඒ තුළයි. තානාපතිවරයා පැවසීය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ප්‍රකාශිකා ඇලිස් චූ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එරික් ක්‍රිස්ටන්සන් ඇතුළු නිළධාරීන් විශාල පිරිසක් ද ඊට එක්වූහ.

සභාව ඇමතූ ඇලිස් චූ මහත්මිය; මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකාව දක්වන මිත්‍රශීලී බව හා සහාය මෙන්ම බෞද්ධ ආශීර්වාද අප ඉතා අගයනවා, ඇය පැවසුවාය.

බුද්ධ පුජාවෙන් පසු “වට්ටක පිරිත” සජ්ජායනා කොට සෙත්පැතු අතර මෙම අවස්ථාව ඇමෙරිකාව පුරා සජීවීව ප්‍රචාරය කළ අතර විශාල පිරිසක් ඒ හා සම්බන්ධ වූහ. ලාංකිකයන් හා ඇමෙරිකානුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...