යෝෂිතට ඇප දීම ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

“මේ වනවිට සමාජ මාධ්‍යවල යම් කතාබහක් ඇතිවෙලා තිබෙනවා යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන්. සමහර දේවල් වැරදි මත. සමහර දේවල් අනවබෝධයෙන් එන දේවල්. සමහර වෙලාවට මිනිස්සු සැක පහළ කරනවා යම් ක්‍රියාදාමයන් හරහා මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුවේ මාර්ගයේම යනවාද කියලා. මට සහතිකයක් දෙන්න ඕනෙ ඒ දේ නෙවෙයි සිද්ධ වෙන්නෙ. අපෙ ජනතාවට පුරුදු වෙලා තියෙනවා ලොකූ මාධ්‍ය සංදර්ශනයක් පුද්ගලයො අත් අඩංගුවට අරගෙන, මාංචු දමලා, රිමාන්ඩ් තියලා මාසයක් විතර එළියට එන අවස්ථාවල් අපි දැකලා තිබෙනවා. නමුත් මෙතන සිද්ධ වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.

මනුස්සයෙක්ට ඇප ලැබෙනවා කියන්නෙ ඔහු චෝදනාවෙන් නිදහස් වෙනවා කියන එක නෙවෙයි. ඇප ලැබෙන්නෙ ඇප පනතේ ප්‍රතිපාදන අනුව. මේ යෝෂිත රාජපක්ෂ සම්බන්ධ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට කලින් පමණ තමයි සිද්ධ වෙන්නෙ. මේ දක්වා ඔහුව මේ නඩුවේ සැකකරුවෙකු වශයෙන් නම් කරලා තිබුණෙ නැහැ. ඒකට දේශපාලන හේතූන්, අපට තේරුම් ගන්න පුළුවන් හේතු ඇයි කියලා. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේ ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කට උත්තරයක් ලබාගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. නමුත් මේ වගේ අවස්ථාවකදී ඇප දීමට විරුද්ධව කරුණු දක්වා තිබුණත් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව විමර්ශනවලට බාධාවක් වන්නේ නැත්නම් ඔහු රටින් පළායන්නෙ නැත්නම්, එළියට ආවොත් මහජන කැළඹීමක් හෝ වෙනත් අකටයුත්තක් නොවේ නම් ඔහුට පෙර වැරදිකාරයා වෙච්ච නඩු නැත්නම් ඇප දීම තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මේ වනවිට ඔහු රුපියල් ලක්ෂ 500ක බැඳුම්කරයකට ලක් කළායි කියලායි මා දැක්කෙ. ඉතින් මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ ඔහුට ඇප ලබාදීම පමණයි. එහෙම නැතිව ඔහු නඩුවෙන් නිදහස් විමක් සිද්ධ වෙලා නැහැ.

ඉතින් මේක තමයි කට්ටිය සැක පහළ කරන්නෙ ඔහු නිදහස් වෙලා ගියා, ඔහු මාංචු දැම්මෙ නෑ කියලා. මාංචු දාන එකත් අත්‍යාවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒ වගේම නොයෙකුත් මාධ්‍ය විසින් නීතිපතිවරයා ගැන සැක පහළ කරවනවා, පොලිස් අමාත්‍යවරයා කෙරෙහි සැක පහළ කරවනවා, මේ සැකයන් සියල්ලම දුරුවෙනවා තව මාස එකහමාරක් හෝ දෙකක් යන්න කලින්. ඇයි ? මේ සම්බන්ධයෙන් වූ නඩුව පැවරෙනවා. යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි, ඒකට අවශ්‍ය ක්‍රියා පටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත් අඩංගුවට ගත්තෙ. ඒ වගේම අධිකරණය විසින් දෙපාර්ශ්වයටම කන්දීලා ඔහුට ඇප ලබාදීලා තියෙනවා. ඇප දෙනවා කියන්නෙ නඩුවෙන් නිදහස් වෙනවා කියන එක නෙවෙයි. අපි හැමදෙනාටම කියන්නෙ ගොඩාක් මාධ්‍යවල යන අර එක්සජරේටඩ් ඒවාට කලබල වෙන්න අවශ්‍ය නෑ. පොඩ්ඩක් ඉවසීමෙන් අපි කරන දේ තව මාස දෙකක් හෝ තුනක් බලාගෙන ඉන්න. ඊටපස්සෙ ඔබලාටම තීන්දු කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යන්නෙ අලුත් පාරෙද නැත්නම් පරණ පාරෙද කියන කාරණාව. නමුත් තීන්දු තීරණ ගන්න හදිසි වෙන්න එපා. මේ සිද්ධ වුණේ අපට කිසිම වුවමනාවක් නෑ කිසි කෙනෙක්ට ඇප නොදී ඇතුළෙ දාලා දේශපාලනිකව හිරිහැර කරන්න හෝ පළිගන්න. මේ තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. මේ අත් අඩංගුවට ගැනීම සිද්ධ කළේ නඩු පැවරීමේ ක්‍රියා පටිපාටියේ කොටසක් හැටියට”

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 27) පස්වරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...