එක්සත් රාජධානියේ විශේෂ දූත පිරිසක් විපක්ෂ නායක සජිත් හමුවෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් ඊයේ (ජනවාරි 27) කොළඹ දී පැවැත්වී තිබේ.

මේ අවස්ථාව සඳහා එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මියගේ පෞද්ගලික ලේකම් රොබ් කෝර් මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ඇලෙක්සැන්ඩර් ස්මිත් මහතා ද එක්විය.

මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි අතර එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන් සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...