පොලිසිය ඝාතනයට හා පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන්ගේ කටවුට් ගලවා වීසි කරයි … (Photos)

Date:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවෙහි නිරත වී සිටින විරෝධතාකරුවන් විසින් එම කාර්යාලයෙහි වැට අසල ස්ථාපනය කර තිබුණු පුවරු කිහිපයක් පොලිසිය විසින් ගලවා වීසි කර දමා තිබේ.

මෙසේ ගලවා දමා ඇත්තේ ඝාතනයට, අතුරුදන් කරවීමට සහ පහරදීමට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සටහන් කර, ඔවුන්ට යුක්තිය ඉල්ලමින් ප්‍රදර්ශනය කර තිබුණු පුවරු කිහිපයකි.

ඝාතනයට ලක්වූ මයිල්වානගම් නිමලරාජන්, ලසන්ත වික්‍රමතුංග සහ ධර්මරත්නම් සිවරාම් යන මාධ්‍යවේදීන්ගේත් අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේත් පහරකෑමට ලක්වූ කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන්ගේත් ඡායාරූප සහිත පුවරු මෙසේ ගලවා ජනාධිපති කාර්යාලය භූමිය තුළට වීසි කර දමා ඇති අතර මෙය සිදුකර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් බව සඳහන්.

May be an image of 4 people
No photo description available.
May be an image of 1 person and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...