ජෙට් යානයක් හෙලිකොප්ටරයක ගැටී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී අමෙරිකානු  කලාපීය ජෙට් යානයක් සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් ​​සමඟ ගුවනේදී ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනතුරට පත් ජෙට් යානයේ මගීන් 65 දෙනෙකු දක්වා ගමන් කළ හැකි බවත්, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ,එම යානය පීඑස්ඒ ගුවන් සේවයේ කලාපීය ජෙට් යානය කැන්සාස් හි විචිටා සිට පිටත්ව ගිය යානයක් බවයි.

අමෙරිකානු ගුවන් සේවයේ වෙබ් අඩවියට අනුව, අනතුර සිදුවූ ගුවන්තොටුපළට මායිම්ව ඇති පොටොමැක් ගඟේ මේ වන විට සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පැවසේ. මෙහෙයුමට බහුවිධ ආයතන සම්බන්ධ වී ඇති නමුත් ජීවිත හානි පිළිබඳව ක්ෂණික ආරංචියක් නොමැති බව රොයිටරිස් පුවත් සේවය පවසයි.


කෙසේ වෙතත් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නවතා දමා ඇති බව සඳහන් වේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින බව, අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...