2040 වන විට පිළිකා රෝග ව්‍යාප්තිය ගැන පුරෝකතනයක්!

Date:

කොළඹ LNW: 2040 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 30ක දක්වා ළඟා විය හැකි බවට පුරෝකථනය කර තිබේ.

ශ්‍රී ලංකාව තුලද 2021 දී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 37,753 ක් වාර්තා වී ඇති අතර ඉන් පිරිමින් 17,582 ක් සහ කාන්තාවන් 20,171 ක් සිටි බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබුණේ.

සාමාන්‍යයෙන් දිනකට නව පිළිකා රෝගීන් 104 ක් හඳුනා ගන්නා අතර වඩාත් සුලභ පිළිකා ලෙස පිරිමින් තුළ මුඛ පිළිකා සහ පෙනහළු පිළිකා මෙන්ම කාන්තාවන් තුළ පියයුරු පිළිකා හඳුනා ගත හැකි බවයි.

පිළිකා යනු තනි රෝගයක් නොව ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වන විට ඇතිවන ආශ්‍රිත රෝග සමූහයකි.

හානිකර රසායනික ද්‍රව්‍ය,සෞඛ්‍යයට අහිතකර ආහාර, දුම්පානය සහ මත්පැන් පානය ඇතුළු විවිධ සාධක නිසා පිළිකා ඇති විය හැකි අතර පුද්ගල චර්යාවන් වෙනස් කරගැනීමෙන් බොහෝ විට මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමෙන් වැලකී සිටිය හැකි බවටද සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන කාරණයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...