පුංචි ජන්දය වෙනුවෙන් ශ්‍රීලනිපයත් වැඩ අල්ලයි!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගත් පොදුජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එහි පූර්ව කටයුතු අද (08) අම්පාරෙන් ආරම්භ කළ බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අම්පාර ආසන සංවිධායකවරු,දිස්ත්‍රික් සංවිධායකවරු මෙන්ම ප්‍රාදේශීය සභා නියෝජිතයින් හමුවී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ජා කළ බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ ලෙස ශ්‍රීලනිපය ප්‍රමුඛ කණ්ඩායම්වල එකතුවෙන් පුටුව ලකුණින් සෑම ප්‍රාදේශීය සභාවක් සඳහාම නාමයෝජනා භාර දීමට නියමිතයි.

ඉදිරියේදී ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කර ගමේ ඉන්න ජනතාවට අවශ්‍ය සහනය ලබාදීමට කටයුතු කරන බවද දුමින්ද දිසානායක මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...