(වීඩියෝ ) යහපත් චින්තනය සමාජයටම ලොකු පාඩමක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

රටටත් , ආගමටත්, ගමේ පංසලටත් මහත් ආදර්ශයක් දෙමින් , ස්වාමීන් වහන්සේගේ නමකගේ චින්තනය සමාජයටම ලොකු පාඩමක් ලබාදුන් ප්‍රවෘත්තියක් මහියංගන ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ , මහියංගන මාපාකඩවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය මල්ලෑරහැවේ ශ්‍රී සරණංකර ස්වාමීන්වහන්සේ සිය ධන පරිත්‍යාගයෙන් ගමට නොමිලේ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති පුවතයි.

උන්වහන්සේ මෙම සත්කාරයට දායක වී තිබෙන්නේ, උන්වහන්සේ සතුව තිබූ සුඛෝපභෝගී මෝටර්රථයක් විකුණා තවත් මෝටර් රථයක් ඇපයට තබමිනුයි.

උන්වහන්සේ පවසන්නේ, අන්තර්ජාලයේ දුටු වීඩියෝවක් නරඹා මෙම සංකල්පයට යොමු වූ බවයි.

මෙම ගිලන් රථය ජනතා සේවය වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අතර මෙමගින් බදුල්ල, පොළොන්නරුව මහරෝහල්,මහරගම පිළිකා රෝහල ඇතුළු රෝහල්වෙත රෝගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...