පොලිස්පති පැය 24කටත් පසු නින්දෙන් ඇහැරෙයි !

Date:

රඹුක්කන ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ වෙඩිතැබීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්ව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) ලබාදුන් නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද (28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

එම අධිකරණ නියෝගය අද තමන් වෙත ලැබුණු පසුව පොලිස්පතිවරයා විසින් CID ය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙසේ උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

රටම පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති, පොලිසිය විසින්ම කළ මිනීමැරුමක් සම්බන්ධ නඩු කටයුත්තකදී පොලිස්පතිවරයාට අදාළ අධිකරණය නියෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලෙස උපදේශය පවා නිකුත් කිරීමට පැය 24කටත් වඩා කාලයක් ගතවීම රටේ තත්වයත් ශ්‍රී ලංකා පොලිසියේ තත්වයත් මනාව පෙන්නුම් කරයි.

CID භාර නියෝජ්‍ය පොලිස්පති තමන්ට පහළින් සිටින SSP වරයාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන්නේ හෙටද, ඔහු ඊට පහළින් සිටින අයට උපදෙස් ලබාදෙන්නේ අනිද්දාද යනාදිය තවමත් පැහැදිලි නැත. අදාළ මිනීමැරුම පොලිසිය විසින් සිදුකළේ අප්‍රේල් 19 වනදා වන අතර කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට නොගෙන දින 9ක් ගත වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...