රඹුක්කන වෙඩිතැබීමට අණ දුන් SSP කීර්තිරත්න අත්අඩංගුවට …

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතැබීමට අණ දුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 19 වැනි දින පොලිසිය මෙම වෙඩිතැබීම සිදුකළ අතර එයින් 41 හැවිරිදි දෙදරු පියෙකු මරණයට පත්විය. තවත් තිදෙනෙකු වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ අතර 15 හැවිරිදි සිසුවෙකු ද වෙඩි වැදුණු අය අතර වේ.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ව අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊයේ දිනයේදී වන අතර අත් අඩංගුවට පත්වීමෙන් බේරීම සඳහා SSP කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබිණි.

ඒ අනුව අද ඔහුව පොලිස් රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN