ඉතිහාසයේ හොඳම සිංහල අවුරුද්ද මෙදා සැරේ භුක්ති විඳිනවා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලි බලය බිඳවැටීම වැනි කුඩා සිද්ධියක් ඇතිවූ විටත් ලොකු විවේචනයක් ගෙන ඒමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් කටයුතු කළත් එම තත්වය කඩිනමින් කළමනාකරණය කිරීමට ආණ්ඩුව සමත් වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසයි.

“හාල් නෑ, පොල් නෑ, රිලව්, ඔය එක එක කතා කියලා රටේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් නැති අයට මොනවාහරි මේ වගේ පොඩි සිද්ධියක් ඇති වුණාම ලොකු විවේචනයක් කරන්න පුළුවන්. නමුත් අපි මේක ඉතා ඉක්මනින් කළමනාකරණය කරලා යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍යවරයාත් බලධාරීනුත් ප්‍රකාශයට පත් කළා. ඉතිහාසයේ හොඳම අවුරුද්දත් මේ රටේ ජනතාව භුක්ති විඳිනවා ඉදිරි අප්‍රේල් මාසයේ”

උපුල් අබේවික්‍රම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...