තම පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට පියුමි හංසමාලි අධිකරණයේ පිහිට පතයි !

0
7641

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළ නඩුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 හමුවේ මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබිණි.

එහිදී පියුමි හංසමාලි සිය නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ සිය රූපලාවන්‍ය ආලේපන ව්‍යාපාරයේ පාරිභෝගිකයින් බියවද්දමින් ඔවුන්ට හිරිහැර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. CID නිලධාරීන් තම පාරිභෝගිකයින්ගේ නිවෙස් කරාගොස් ඔවුන්ට බලපෑම් කරමින් හිරිහැර කිරීමටත් දුර බැහැර පාරිභෝගිකයින්ට කොළඹ පැමිණ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම් දෙමින් ඔවුන්ව අපහසුතාවට පත්කිරීමටත් කටයුතු කරන අතර තම ව්‍යාපාරය බිඳවැට්ටවීමේ අරමුණින් යුතුව ඔවුන් මෙවැනි දෑවල නිරත වන බවත් පියුමි හංසමාලි වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කිරීමටත් නඩුව එදින යළි කැඳවීමටත් ය.

ජ්‍යේෂ්ඨ නීතීඥ සුමුදු හේවගේ මහතා පියුමි හංසමාලි වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.