ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට – කණ්ඩායමට අලුත් මුහුණු එයි ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 15,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ සංචාරයක් සඳහා පෙබරවාරි 22 දා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.එහිදී ඔවුන් එක්දින තරග දෙකකට සහ විස්සයි විස්ස තරග දෙකකට මුහුණ දීමට නියමිතයි.


වත්මන් විස්සයි විස්ස ලෝක සූරතාවයට හිමිකම් කියන නවසීලන්තය ඉදිරියේ තරග වඳින ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට මේ තරගාවලිය විශාල අක්දැකීමක් වනු නිසැකයි.ඉකුත් කාලයේ අවස්ථා කිහිපයකදීම නවසීලන්තයට එරෙහිව තරග ජය ගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම 2027 කාන්තා චැමිපියන්ස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත නිසා එම අනාගත වැදගත්කම ගැන අවධානය යොමු කර කණ්ඩායමේ යම් වෙනස් කිරීමට ඉඩ තිබෙනවා.


ශ්‍රී ලංකාවේ පැවත්වෙන විස්සයි විස්ස චැම්පියන්ස් කුසලානය වන විට ශක්තිමත් තරුණ කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිව මද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන රශ්මිකා සෙව්වන්දි මෙන්ම මනුදි නානායක්කාර වැනි ක්‍රීඩිකාවන්ද මේ තරගාවලියේදී අත් හදා බැලීමට ඉඩ තිබෙනවා.ඒ අතරින් රශ්මිකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ එම රටවල පාරිසරික තත්ත්වයන් සමඟ දැක් වූ දක්ෂතා ද එහිදී සැළකිල්ලට ගැනීම වටිනවා.
එසේම අන්තර් කාන්තා ක්‍රීඩා සමාජ තරගවලදී ද විශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් දැකිය හැකි බැවින් ඔවුන්ට ද කණ්ඩායම තෝරන කාර්යේදී තේරීම් කමිටුව විසින් අවධානය යොමු කළ යුතුයි.

තරග කාල සටහන

2025 පෙබරවාරි 27 පෙර පුහුණු තරගය – BSO, ලින්කන්
2025 පෙබරවාරි 28 පෙර පුහුණු තරගය -BSO, ලින්කන්
2025 මාර්තු 04 පළමු එක්දින තරගය මැක්ලීන් පාර්ක්, නේපියර්
2025 මාර්තු 07 දෙවන එක්දින තරගය සැක්ස්ටන් ඕවල්, නෙල්සන්
2025 මාර්තු 09 තෙවන එක්දින තරගය සැක්ස්ටන් ඕවල්, නෙල්සන්
2025 මාර්තු 14 පළමු විස්සයි20 තරගය හැග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච්
2025 මාර්තු 16 දෙවන විස්සයි20 තරගය හැග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච්
2025 මාර්තු 18 තෙවන විස්සයි20 තරගය විශ්ව විද්‍යාල ඕවල්, ඩනෙඩින්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...