ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය සූදානම් බවත් මැතිවරණය කල් නොදැමිය යුතු වුවත් අලුත් අවුරුදු හා සාමාන්‍ය පෙළ විභාගය ගැන සිතා මැතිවරණ කොමිසම නිවැරදි තීන්දුව ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව ගැන තමාගේ මතය නොව ජනතාවගේ මතය වැදගත් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂයේ අභ්‍යන්තරයේ කිසිදු අර්බුධයක් නොමැති බවත් බොරු කතා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින බවත්ය.

එසේම ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කිසිදු ගැටලුවක් නොමැති බවත් සමගි ජන බලවේගය මේ වන විට ප්‍රගතිශීලී ජනහිතකාමී බලවේග සමග සාකච්ඡා කරන බවත් ලක්ෂ 220 ජනතාව සමග සිටින බවත් පළාත් පාලන මැතිවරණයේදී හොඳ තරගයක් රජයට දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සජබ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...