පිපාසෙට වතුර නැති ටොරිංටන් බිම

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 20 ,(LNW)කොළඹ :

ටොරිංටන් ක්‍රීඩාංගණය කියන්නෙ ලංකාවෙ මලල ක්‍රීඩාවෙ ඓතිහාසික වටිනාකමක්.සුසන්තිකා,දර්ශා,ශ්‍රියාණි විතරක් නෙමෙයි ජාතික සංචිතයෙ ඉන්න කාලෙ වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගෙ පා පහසත් ලබපු බිමක්.අද අලුත් වෙලා තියෙන ගොඩනැගිලිවල පෙර කලෙක ජාතික සංචිත රඳවා තියෙද්දි,සුගත් විතරක් නෙමෙයි පුහුණුකරු වූ අනුර බණ්ඩාරත් නැවතිලා හිටියා.


මේ වැදගත් භූමිය අදටත හැම දවසකම අවිවේකයි.වර්ථමාන දක්ෂයන් වගේම අනාගත දක්ෂයන්ගෙන් පිරුණු මේ බිම මේ දිනවල කොළ පාටට දකින්න ලැබෙන්නෙ නැහැ.මේ ඡායාරූපවලට අනුව වියලි කාළගුණ තත්ත්වය නිසා සිඳු වූ දෙයක් හැටියට මේ තත්ත්වය ගැන හිතන්න බැහැ.මේ පොළවෙ පෝෂණයට,කොළ පැහැයට නිතර වැටෙන දිය පහරේ සාත්තුව නොලැබීම නිසා ක්‍රීඩා පිටියට අත් වී තිබෙන ඉරණමයි මේ.


ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධයෙන් අපි මීට දින දෙක තුනකට පෙර අමුතු වියදමක් නො‘දරා රටේ ක්‍රීඩාවට අදාළ පිට්ටනි ටික රැක ගැනීමට හැකිකම ගැන සිහිපත් කළා.මේ පිට්ටනිය ගැනත් කියන්න තියෙන්නෙ ඒකයි.කොහෙන් හරි වැවක් කපලා මේ පිට්ටනියට ඉහින්න වතුර ගේනවා වගෙ ව්‍යාපෘතියක් කරන්න නැහැ.කැඩුණු දිය ඉසිනයට අදාළ උපකරණය සුමාන ගාණක් ලෙඩ වී තිබීම ගැන වගකිවයුතු අංශ නොසිතීමයි ප්‍රශ්නය.රටේම ක්‍රිඩා ටික අරගෙන පරිපාලනය කරන්න,ව්‍යවස්ථා හදන්න වගෙ තමන්ට පැවරෙන තාවකාලික වගකීම් පැටව් කරලත් ඇඟේ එල්ල ගෙන දඟළන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙ ලොක්කන්ට මේ දුඹුරු පැහැ ගැහුණු,රටට දක්ෂයන් තනන ටොරිංටන් බිමට ජලය නොවැටෙන එක වැරද්දක්,ක්‍රීඩාවට කරන අසාධාරණයක් කියලා නොපෙනෙන එක වැරද්දක් නෙමෙයිද?


මේ ලංකාවෙ ක්‍රීඩාව පාලනය කරන ආයතනය සතු,ප්‍රධානම ක්‍රීඩාංගණය.රටේ ක්‍රීඩාංගණ හදන්න වර්ධනය කරන්න සැළසුම් හදන්න කළින්,මේකට වතුර ටිකක් වැටෙන වැඩේ සකස් කරලා දෙන්න පුළුවන්නම් හොඳ නැද්ද?

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...